ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.
වෘත්තීය පුහුණුව හා නිපුණතා අධ්‍යාපනය ඉහළට නැංවීම සදහා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආනමඩුව කලාපීය පුහුණු ආයතනය ආරම්භ කිරීම සදහා අක්කර 07 ක භූමියක් පැවරීම වෙනුවෙනුයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයට පැවරීම මේ අනුව සිදු වුණා.
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා, ශ්‍රී ලංකා ජර්මානු අභ්‍යාස ආයතනයේ සභාපති විනෝද් මුණසිංහ යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබුණා.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා.