fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොන්ඩුරාස් රාජ්‍යට බලපෑ ලෝටා සුළි කුණාටුවවෙන් පවුල් දහස් ගණනක් අවතැන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 13:37

හොන්ඩුරාස් රාජ්‍යට බලපෑ ලෝටා සුළි කුණාටුවවෙන් පවුල් දහස් ගණනක් අවතැන් වුණා.

පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වුණු ලෝටා සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස අහිමි වී තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව ද දොළහ දක්වා ඉහළ ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

කොරෝනා වයිරසය හේතුවෙන් අර්බුදයට පත්ව සිටින හොන්ඩුරාස් වැසියන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බවයි පැවසෙන්නේ. මේ වනවිට ඔවුනට ආධාර කිරීම පිණිස ලොව රටවල් රැසක් කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්