fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෙවී යන සෑම තත්ත්පර දාහතකට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 12:41

ගතවන සෑම තත්ත්පර දාහතකට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉදිරි මාස හය යුරෝපයට ඉතාමත් අසීරු කාලසීමාවක් වනු ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගතවූ සතිය තුළදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගියා. තත්ත්වය පාලනය කිරීමට රටවල් රැසක් මේ වනවිටත් දැඩි සංචරණ සීමා හදුන්වා දී තිබෙනවා. මීට පෙර සතියේදී කලාපයෙන් ආසාදිතයන් මිලියන දෙක ඉක්මවා වාර්තා වනවිට ගෙවුණු දින හත තුළ දී කලාපයෙන් ආසාදිතයන් මිලියන එකයි දශම අට ඉක්මවා ගිය සංඛ්‍යාවක් වාර්තා වුණා.

ප්‍රංශය,  ඉතාලිය,  එක්සත් රාජධානිය ඇතුළු යුරෝපයෙන් ආසාදිතයන් ලක්ෂ එකසිය පනහකට ආසන්න  පිරිසක් හදුනාගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්