fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 11:23

රුසියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ (19) දිනයේ දී මිලියන දෙකේ සීමාව පසුකළා.

ගතවූ පැය 24 තුළ එරටින් හදුනාගත් නව ආසාදිතයින් විසිතුන් දහස් හයසිය දහයත් සමගින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව විසිලක්ෂ පහළොස්දහස් හයසිය අටක් ලෙසයි සදහන් වන්නේ. ඊයේ දිනයේ දී එරටින් කොරෝනා මරණ 463 ක් ද වාර්තා වුණා.

මෙය රුසියාව තුළ වසංගත ආරම්භයේ සිට වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ස්වාධීන නිරීක්ෂකයින් සහ විවේචකයින් රුසියාවේ ආසාදිතයින් ගණන් කිරීමේ ක්‍රම පිළිබදව සැක පළ කළද එරට සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම දත්ත තහවුරු කළ නිල දත්ත බවයි.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2020 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්