අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ආරම්භ කෙරෙන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
පාසැල්වල පන්ති පැවැත්වෙන ආකාරය පිළිබද තීරණ ගැනීමට විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරෙන කමිටුවට ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරී ග්‍රාමසේවා නිලධාරී, පාසැල් සංවර්ධන සමිතියේ නියෝජිතයෙක් හා ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක් අයත් වනවා.
එම කමිටුව මගින් ගනු ලබන තීරණ පිළිබද අධීක්ෂණය කිරීම පැවරෙන්නේ අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටයි.