හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් පුහුණුකරු නුවන් සොයිසා හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්දන ඒකකය මගින් චෝදනා තුනක් යටතේ දඩුවම් නියම කර තිබෙනවා. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් යටතේ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම දඩුවම් නියම කළ බයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරන්නේ.
තරග තීරණ අයතා ලෙස වෙනස් කිරීම වෙනුවෙන් බලපෑම් කිරීම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ආචාර ධර්ම ඍජුව හෝ වක්‍රාකාරව උල්ලංඝනය කිරීම සහ දූෂණ ක්‍රියාමාර්ග වලට සම්බන්ධ ප්රවේශයන් පිළිබද කරුණු හෙළි දරව් නොකිරීම යන චෝදනායි නුවන් සොයිසාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් ගොනු කර තිබෙන්නේ. ඒ අනුව නුවන් සොයිසාට ක්‍රිකට් තහනමක් පැනවෙන අතර ඔහුට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන සම්බාධක ඉදිරියේදී දැනුම් දෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරන්නේ.