ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අපවත් වී වදාළ අති පූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය ලබන 22 වනදා කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දහතුන්වන මහ නායක ස්වාමීන් වහන්සේ වූ අති පූජ්‍ය නාපානේ පේමසිරි ස්වාමීන්වහන්සේ අපවත් වනවිට අනූ අට වන වියේ පසුවුණා. 1923 වසරේ ජනවාරි මස 20 වනදා මහනුවර නාපාන ග්‍රාමයේදී ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ උන්වහන්සේ 1933 වසරේ පැවිදි දිවියට ඇතුලත් ව 1943 වසරේ දී උපසම්පදාව ලැබුවා. තම උපන් ගමට ආසන්න මැණික්හින්න හූරි කඩුව විද්‍යාසාගර පිරිවෙන 1967 වසරේදී ආරම්භ කරමින් ගිහි පැවිදි විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දීමට උන් වහන්සේ කටයුතු කළා. මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය රිය පෙරහරකින් හුරීකඩුව විද්‍යාසාගර මහ පිරිවෙන වෙත වැඩම කරවනු ලැබුවේ අද පෙරවරුවේයි. මහාසංඝරත්නය, මධ්‍යම පළාත් අණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.