fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතොස තොග ගබඩාවකින් භාණ්ඩ තොගයක් වෙළෙඳසැලකට විකුණූ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2020 10:07

ගාල්ල බූස්ස සතොස තොග ගබඩාවෙන් නිකුත් කළ භාණ්ඩ තොගයක් වෙළෙඳසැලකට විකුණූ ලොරි රථයක රියදුරෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් හතළිස් නව ලක්ෂ දාහත් දහසක වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් පුත්තලම ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ පහක මුදලකට විකුණා තිබියදීයි ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. රත්ගම පොලීසිය සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා. නාරාහේන්පිට , මාළිගාවත්ත, බම්බලපිටිය ඇතුළු සතොස ශාඛා කිහිපයකට බෙදා හැරීම සඳහා මෙම භාණ්ඩ තොගය බූස්ස තොග ගබඩාවෙන් නිකුත් කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2020 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්