යුග පෙරළියක් සනිටුහන් කරමින් මීට වසරකට පෙර එනම් 2019 නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ඉතිහාසගත ජනාධිපතිවරණය පැවැත්වුණා. ඡන්ද හැට නව ලක්ෂ විසි හතරදහස් දෙසීය පනස් පහක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතාව පත්කර ගත්තා.
ආපස්සට යමින් සිටි ශ්‍රී ලාංකීය ගමන්මග නිවැරදි දිශානතියට යොමුකර ගත් දවස ඉතිහාසය ලියන වාරක් වාරයක් ගානේ රනින් සනිටුහන් වෙන ශ්‍රී ලාංකීය ජනතාවගේ දිනය. හැට නවලක්ෂයක් ජනතාව ගත් නිවැරදිම තීන්දුව. ඒ දිනය අද. නොවැම්බර් 16 . 2019 නොවැම්බර් 16 වෙනිදා. මේ රටේ දේශප්‍රේමී ජනතාව ඡන්දපොලට ගියේ තමන්ගේ යුතුකමේ මනාපය ඉෂ්ඨ කරන්න. ඒක ඒ විදියට සිද්ධ කළා. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අනාගතය විනිවිද දකින දැයට සැබෑ නිදහස දිනා දීමට නායකත්වය දුන් යුගයේ වැඩකරන්නට උපන් මිනිසා. හැට නව ලක්ෂයක් ජනතාවගේ යුතුකමේ මනාපයෙන් රටේම භාරකාරත්වයට නායකත්වයට පත් වුණ දවස. ඔව් අදට හරියටම දවස් 365යි. උදාවුන දවස නෙමෙයි ගෙවී ගිය දවස් 365 දී අපට ,රටට, අනාගතයට මොනවද ලැබුණේ, ලැබෙන්නේ. 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව සිද්ධ වුණු ඉතිහාසගත වැරැද්ද ආයි නිවැරදි කළේ නිවැරදිම නායකත්වයක් රටට පත් කරලා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්. මහින්ද රාජපක්ෂ ජන නායකයාගේ ජන හිතකාමී නායකත්වයට තව තවත් යෝධ ශක්තියක් දෙමින් ගෝඨාභය මැතිදුන් රටේම නායකත්වයට පත්වුණේ වැටුනු රටක් යළි දෙපයින් සිටුවා සිට අනාගත පරපුරටම සුරක්ෂිත සෞභාග්‍යවන්ත රටක් දායාද කර දෙන්නටයි. දවස් 365 ක් ආපස්සට හැරලා බලද්දී මේ රටේ ජනතාව ගත් තීන්දුව නිවැරදිම තීන්දුව කියලා අද ඔප්පුවෙලා නේද?. ආරක්ෂිත රටක්, විනයක් ඇති රටක්. ඒ මගේ රට කියලා ශ්‍රී ලංකා ද්වීපය ලෝකයේ ඉස්සරහ කටක් ඇරලා කියන්න පුළුවන් තත්ත්වයකට අද පරිවර්ථනය වෙමින් තියෙනවා නේද?. කට වචනයට කොලකෑල්ලට විතරක් සීමා නොවුණු පොරොන්දු , කවුරුත් කියන ජනදුක නෙමෙයි. තමන්ම දැකලා, තමන්ට දැනිලා ජනහද ලඟටම ගිහිල්ලා ඔවුන් එක්ක පිළිසදරේ යෙදිලා, ගමේ ප්‍රශ්න ගමට ඕන විදියට විසදන , විසදිය යුතු විදිය නිලධාරීන්ට, බලධාරීන්ට පෙන්නලාම දීලා ප්‍රශ්නයට ප්‍රශ්නයක් නෙවෙයි නිසි උත්තරේම දෙන ජනාධිපති කෙනෙක් දැන් අපිට ඉන්නවා. යුද බිමේදී ඉලක්කය හදුනාගත්ත එඩිතර රණවිරුවෙක්. වගකීම වගවීමක් විදියටම ඉටු කරපු ආරක්ෂක ලේකම්වරයෙක්. කොළඹ නගරය ලෝකයේ අංක එකේ සුන්දරම නගරය විදියට ඔසවලා තබපු නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයෙක්. ලෝකය දන්න ලෝකය දකින මහා සැළසුම් සහගත පරිපාලකයෙක්. ඒ සියල්ල කැටි කොටගත් ජන හද හදුනන සැබෑ දේශප්‍රේමියෙක්. මිනිසා සේවය කළ යුත්තේ මිනිසාටම බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ දවස් 365ක්. මේ ඒ සටහන්වල කෙටි සටහනක ආරම්භයක් විතරයි. අපිට ලියන්න තියෙන්නේ යුගයක් ගැන. යුග පෙරලියක් ගැන. ඒ යුගයේ සටහන අද අපි කෙටි සටහනකින් පටන් ගන්නවා. හැබැයි දීර්ඝ යුග පෙරළියක ආරම්භක සටහනක් විදියට.
[ot-video type=”youtube” url=”https://youtu.be/dXIRr7CiROI”]