ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධය දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වොෂින්ටනයේ උද්ඝෝෂණවල නිරත වන බව වාර්තා වනවා.
ඇමෙරිකා ධජ හා ට්‍රම්ප්ට සහයෝගය දැක්වෙන අයුරින් පුවරු රැගත් කණ්ඩායම් මෙහිදී දක්නට ලැබුණා. මේ සඳහා අන්ත දක්ෂිණාංක කණ්ඩායම් ද සහභාගී වී සිටීම විශේෂත්වයක්. උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටි එක් කණ්ඩායම් හිස් ආවරණ සහ වෙඩි නොවදින කබාද පැළඳ සිටි බවයි වාර්තා වන්නේ. ගොල්ෆ් ක්‍රිඩාව සඳහා පිටත් වූ ජනාධිපති ට්‍රම්ප් රැගෙත් මෝටර් රථ පෙලපාලියද උද්ඝෝෂකයින් මධ්‍යයේ ගමන් කර ඇති අතර එහිදී තම පාක්ෂිකයන් හට ජනාධිපතිවරයා ආචාර කරන අයුරු දක්නට ලැබුණා. පසුගිය තුන්වනදා පැවති මැතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ජය්‍රගහණය කළ අතර ඔහු ලබාගැනීමට සමත් වූ මැතිවරණ කොලේජ සංඛ්‍යාව 306 ක්.