ඉන්දු කාෂ්මීර ගැටුම් යළි උත්සන්න වී තිබෙනවා.
උතුරු කාෂ්මීරයේ ඉන්දීය හා පාකිස්ථාන හමුදා අතර ඇති වූ ගැටුම්වලින් පහලොස් දෙනෙකු මිය ගියා. 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පාකිස්ථාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දීය හමුදාව සිදු කළ අනපේක්ෂිත වෙඩි තැබීම්වලට තමන් ප්‍රතිචාර දැක් වූ බවයි.
පාකිස්ථානය, දේශසීමාව ආක්‍රමණය කිරීමට උත්සාහ කළ බවත් එය ව්‍යර්ථ කිරීම සදහා වෙඩි තැබීම සිදුකළ බවත් ඉන්දීය හමුදාව පවසනවා. ඉන්දියාව හා පාකිස්ථානය කාෂ්මීරයට පූර්ණ හිමිකම් ප්‍රකාශයට පත් කරනවා.
ඉන්දියාව පවසන්නේ පාකිස්ථානය කාෂ්මීර කලාපයේ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.