හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අද (14) යි. හින්දූන්ගේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙසයි දීපාවලිය හැදින්වෙන්නේ.
ගණදුර පළවාහැර ආලෝකය පතුරවාලීම මෙන්ම අවිද්‍යාවේ අන්දකාරය දුරුකොට ප්‍රඥාවේ ආලෝකය හදවත් තුළ දැල්වේවායි ප්‍රාර්ථනා කරමින් ලොව පුරා හින්දු බැතිතුමන් දීපාවලිය සැමරීමට එක්ව සිටිනවා. හින්දු සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා මගින් නිවෙස් අලංකාර කර පවුලේ සියලු දෙනා එක්ව පහන් දල්වා සුරයන් විසින් අසුරයන් පැරදවීම සිහිපත් කරමින් දෙවියන් උදෙසා පුදපූජා පැවැත්වීම දීපාවලියේ දී සිදුවනවා. කෝවිල්කරා ගොස් ශිව දෙවියන් මුල්කර ගනිමින් මෙම පූජා පැවැත්වීම සිදුවනවා. එහෙත් මෙවර කොරෝනා ව්‍යසනය හමුවේ නිවෙස්වලම සිට එම ආගමික කටයුතු සිදුකිරීමටයි හින්දු බැතිමතුන් කටයුතු කරමින් සිටින්නේ.
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛතාව දෙමින් දීපවාලි උත්සවය සමරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
කෝවිල් සහ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපවත්වන ලෙසයි දැනුම් දී තිබෙන්නේ.
විවිධ සාද සංවිධාන කිරීමෙන් වැලකීමද ඉතා වැදගත්. නිවසේ සාමාජිකයන් පමණක් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ දීපවාලි උත්සව සමරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද උපදෙස් ලබාදුන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/XI9TytutSnY”]