සුවය ලැබූ රෝගීන් ගණන අද (13) දිනයේ එකොළොස් දහසේ සීමාව ඉක්මවූවා. ඒ අනුව අද දිනයේ 378 දෙනෙකු සුවය ලැබුවා.
මේ වන විට මෙරටින් හදුනාගත් කොරෝනා රෝගීන් පහළොස්දහස් හත්සිය විසිතුන්දෙනා අතුරින් 11,031 දෙනෙකු සුවය ලැබුවා.
තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 4,644 ක් වනවා. රෝහල්වල වෛද්‍ය විමර්ශනය යටතේ 501 දෙනෙකු පසුවන බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 48 ක්.