විස්සයි විස්ස විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණා. පනත් කෙටුම්පත පිළිබද විවාදයට එක්වූ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙම වසර සදහා ගෙවිය යුතු සියලු ණය වාරික ගෙවා අවසන් බවයි.
2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විවාදය ආරම්භ කළා. පෙර පැවති කිසිදු රජයකට වඩා අභියෝග රැසකට වත්මන් රජයට මුහුණදීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙම විවාදයට එක්වුණා.