පාකිස්ථානයේ සිට පුද්ගලයින් 25 දෙනෙකු දෝහා කටාර් සිටි 31 දෙනෙකු සහ ඕමානයේ සිට 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලින් අද (12) පෙරවරුවේ මෙරටට පැමිණියා.
ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැනුණේ.
මේ අතර නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලියින් දෙදෙනෙකු අද (12) පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. ඒ අනුව මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 2690 ක්.
ඊයේ දිනය තුළ පීසීආර් පරික්ෂණ දස දහස් දෙසිය හතක් සිදු කළ අතර මේ දක්වා සිදු කර ඇති පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව හය ලක්ෂ විසි නව දහස් තුන්සිය පහලොවක්.