ඊයේ(10) රාත්‍රියේ දී EK 648 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි සිට පුද්ගලයින් 50දෙනෙකු සහ අද(11) උදෑසන ET 8804 දරණ මගී ගුවන් යානයෙන් ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 110නෙකුත්, UL 226දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට 270දෙනෙකුත් දිවයිනට පැමිණ ඇත.
එසේම අද උදෑසන ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 66දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.
එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනයවන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.