අද (11) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 430 දෙනෙකු වාර්තා වුණා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 251 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 8 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු ද අලුතින් වාර්තාවූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවට අයත්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු, මඩකලපුව ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින් ද බන්ධනාගාරවලින් 24 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 91 දෙනෙකු ද මෙලෙස කොවිඩ් නයින්ටීන් වයිරසයට ගොදුරු වී තිබෙනවා.
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දාහතර දහස් හත්සිය පහළොව දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් එකොළොස් දහස් දෙසිය තිස් හත් දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වී ඇති බවයි කොව්ඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දහස් පන්සිය තිස් හත් දෙනෙකු පූර්ණ සුවය ලැබුවා. කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 41ක්. මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයන් එක්දහස් හතලිස් එක් දෙනෙකුට සහ පෑලියගොඩ මාළු වෙළෙදසලේ පුද්ගලයන් එක්දහස් හත් දෙනෙකුට වයිරසය වැළදුනා. ඔවුන්ගේ ආශ්‍රිතයන් නවදහස් එකසිය අසූනව දෙනෙකුට ද වයිරසය ව්‍යාප්ත වී තිබෙනවා.