මාසයක පමණ කාලයක් පුරා ආමේනියාව සහ අසර්බයිජාන් රාජ්‍යය අතර පවත්නා යුද ගැටුම් නැවැත්වීමට ගිවිසුමකට එළඹුනා.
සාම ක්‍රියාදාමය සදහා රුසියාව මැදිහත් වී ඇති අතර රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්, ආමේනියා අග්‍රාමාත්‍යවරයා හා අසර්බයිජාන් ජනාධිපතිවරයා අතරයි මෙම ගිවිසුම අත්සන් කෙරුණේ. ත්‍රෛපාර්ශ්වික සාම ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කර සිටි අතර ගැටුම් පවත්නා නගෝර්නෝ – කරබාකි ප්‍රදේශයට සාම නිරීක්ෂකයන් අනුයුක්ත කරන බවයි එහිදී ඔහු කියා සිටියේ. දෙපාර්ශ්වය අතර පවත්නා යුද ගැටුම් හැකි ඉක්මණින් අවසන් කිරීමට මෙම ගිවිසුම හරහා බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා තවදුරටත් පවසා සිටියා. නගෝර්නෝ – කරබාකි ප්‍රදේශය යුද මුක්ත කලාපයක් ලෙස නම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.