fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා රෝගයෙන් පීඩාවට පත් ජනතාවගේ මනස සැහැල්ලු කිරීමට මල් ප්‍රදර්ශනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2020 14:38

කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව සිටින ජනතාවගේ මනස සැහැල්ලු කිරීමට අපූරු මල් ප්‍රදර්ශනයක් කොළොම්බියාවේ මෙඩ්ලින් නගරයේ දී සංවිධාන කර තිබෙනවා.

වාර්ෂිකව පැවැත්වෙන මල් ප්‍රදර්ශනය සදහා වර්ණවත් අලංකාර මල් යොදා ගනිමින් නිර්මාණය කළ අපූරු නිර්මාණ රැසක් එක්කර ඇති බවයි වාර්තා වන්නේ. මෙඩ්ලින් නගරය අවට කදු ප්‍රදේශවල මල්වගාවටම වෙන් කර තිබෙන අතර වෙළෙදාම සදහා වගා කෙරෙන මල් මෙම ප්‍රදර්ශනය සදහා යොදාගෙන තිබෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ මෙම ප්‍රදේශයේ මල් වගාව සිදුවන අතර මෙම ප්‍රදර්ශනයත් සමගින් මල් අපනයනයට අවස්ථාව උදාවනු ඇති බවටයි වගාකරුවන් විශ්වාසය පළ කරන්නේ. 1957 වසරේ සිට අඛණ්ඩව මෙම ප්‍රදර්ශනය සංවිධාන කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2020 14:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්