මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සැපයෙන සේවා දිස්ත්‍රික් කාර්යාල හරහා ලබාගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය පසුගියදා වසා දැමුණා. මෝටර් වාහන පැවරීම ඇතුළු ප්‍රධාන කාර්යාලය මඟින් සපයන ලද සේවා රැසක් යාපනය, අනුරාධපුර,කුරුණෑගල ,ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත්‍රික් කාර්යාල මඟින් සපුරාගත හැකියි. ඒ සඳහා අදාළ කාර්යාල අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු වනවා.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය ද හෙට සිට විවෘතව තැබෙනවා. ඒ රියදුරු බලපත්‍ර ලබාගැනීමේදී ජනතාව පත්වන අපහසුතා අවම කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩලයක සේවය ලබා ගනිමින්. මෙම කාර්යාලයෙන් ලබා ගන්නා සේවාවන් සඳහා ද කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු බවයි අවධාරණය කෙරෙන්නේ.