fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව තානාපතිවරුන් හත් දෙනෙකුට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2020 11:50

විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය නම් කළ නව තානාපතිවරුන් හත් දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාව ඊයේ (09) රැස් වූ අවස්ථාවේයි මෙම අනුමැතිය හිමි වුණේ.

අහමඩ් ඒ ජවාඩ් මහතා සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද දර්ශන පෙරේරා මහතා ස්විඩනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද එම් කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද පත් කිරීමට අදාළ අනුමැතිය මෙහිදී හිමිව තිබෙනවා. එමෙන්ම එස් ඩී කේ සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද සී ඒ චාමින්ද අයි කොළොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙසද පත් කිරිමට අදාළ අනුමැතිය හිමි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 10, 2020 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්