ඇමෙරිකාවේ නෙවාඩා කාන්තාරයේදී නව ප්‍රවාහන ක්‍රමයක් අත්හදා බැලේ
Related Articles
ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා කාන්තාරයේදී නව ප්‍රවාහන ක්‍රමයක් අත්හදා බැලීමට වර්ජින් හයිපලූප් සමාගම කටයුතු කළා.
වායු ටියුබයක් ලෙස නිර්මාණය කර ඇති මෙම විශේෂ ප්‍රවාහන ක්‍රමය මගින් අධිවේගයෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. පැයට කිලෝමීටර් 172 ක් ඉක්මවන වේගයක් මෙවැනි ටියුබයකට ලබාගත හැකි බවයි නිර්මාණකරුවන් සදහන් කරන්නේ. අතීතයේදී විද්‍යා ප්‍රබන්ධවල දුටු ආකාරයේ ප්‍රවාහන මාදිලියක් ලෙස මෙය හැදින්වීමට විදෙස් මාධ්‍ය කටයුතු කර තිබුණා. ඉදිරියේදී මෙම තාක්ෂණය යටතේ පැයට කිලෝමීටර් දහසකට වැඩි වේගයෙන් ධාවනය කරවීමට හැකිවනු ඇති බව විද්‍යාඥයන් පවසනවා. පර්යේෂණාත්මක ගමනේදී දෙදෙනෙකු ඊට සම්බන්ධ වූ අතර ඔවුන් සදහන් කළේ මෙම අත්දැකීම වචනයෙන් විග්රහ කර ගැනීමට නොහැකි බවයි.