නිරෝධායනය වෙමින් සිටින පවුල් සඳහා රුපියල් දසදහසක වියළි ආහාර මල්ලක් සහ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම අහිමි වූ ජනතාවට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම මේ දිනවලදී සිදු කෙරනවා.
ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 07 ක නිරෝධායනයට ලක්ව වන පවුල් 74 ක් සඳහා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදු කෙරුණා. භාණ්ඩ බෙදා හැරීමේ කාර්ය පොලිස් ස්ථානවලට පැවරී තිබෙනවා. එම භාණ්ඩ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත භාරදීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරෝධායන වන පවුල් 208 ක් සඳහා රුපියල් දස දහසක් වටිනා වියලි ආහාර මළු ලබාදීම සිදු කෙරුණා. ඒ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. කේ පුෂ්පකාන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්ඔලුව ග්‍රාමයේ පවුල් රැසකට වියලි ආහාර මළු ලබාදීම සිදු කෙරුණා. ඒ විලේජ් ශ්‍රී ලංකා පදනමේ අනුග්‍රහයෙන්. යුරෝපා රටවල් කිහිපයක ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයෙන් මෙම පදනම ක්‍රියාත්මක වනවා.