ඩුබායි හි සිට පුද්ගලයන් 35 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායනය කරා යොමුකර තිබෙනවා.
වැලිකන්ද හා පූනානි විශේෂ ප්‍රතිකාර රෝහල්වල ප්‍රතිකාර ලබා සුව වූ තවත් පුද්ගලයන් 120 දෙනෙකු තම ගම්බිම් බලා පිටත්ව ගියා. ඔවුන් කොළඹ හා ගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් මේ වන විට පුද්ගලයන් 63784 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් කරා පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ ද PCR පරික්ෂණ 11620 ක් සිදු කළා. ඒ අනුව මේ වන විට සමස්ත දිවයිනේම සිදුකර ඇති PCR පරික්ෂණ සංඛ්‍යාව පන්ලක්ෂ අනූ දෙදහස් දෙසීය දහඅටක්.