fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ජාතීන් එක්කර ඇමෙරිකාව නැවත ගොඩනගන බව ජෝ බයිඩ්න් කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2020 11:27

බෙදී වෙන්වුණු සියලු ජාතීන් එක්කර ඇමෙරිකාව නැවත ගොඩනගන බව ජනාධිපති ධුරය සදහා තේරී පත්වූ ජෝ බයිඩ්න් පවසනවා. ඔහු ජයග්‍රහණය කළ බව මාධ්‍ය මගින් නිවේදනය කිරීමෙන් පසුව ජනතාව අමතමිනුයි බයිඩ්න් මේ බව කියාසිටියේ.

පසුගිය අගහරුවාදා දින පැවති ඇමෙරිකා ජනාධිපතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵල මේ වනතෙක් නිකුත්කර නොමැති වුවද ජයග්‍රහණය සදහා අවශ්‍ය මැතිවරණ කොලේජ 270 ක සීමාව පසුකර යාමට ජෝ බයිඩ්න් සමත්වුණා. මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව ඔහු මැතිවරණ කොලේජ 279 ක් ජයග්‍රහණය කර ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ මැතිවරණ කොලේජ 214 ක බලය පමණයි. ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණයත් සමග උප ජනාධිපති තනතුර සදහා දකුණු ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් තේරී පත්වුණා. ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය සදහා කාන්තාවක් තේරී පත්වූ පළමු අවස්ථාව ද මෙයයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2020 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්