ගෝතමාලා රාජ්‍යයේ නායයාමකින් පුද්ගලයන් 150 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ගෝතමාලා රාජ්‍යයේ අල්ටා වෙරාපාස් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයකයි මෙම අනතුර සිදුව ඇත්තේ. පවතින අයහපත් කාලගුණය සමඟ ඇති වූ දැඩි වර්ෂාවෙන් මෙම නායයාම සිදුවුණා. විපතට පත්වූවන් බේරා ගැනීමේ කටයුතු ද දුෂ්කර වූ බවයි ගෝතමාලා හමුදාව සඳහන් කළේ. අසල්වැසි නිකරගුවා රාජ්‍යයට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා. එම ප්‍රදේශය හරහා හමා යන ඊට නමැති සුළි කුණාටුව පැයට කිලෝමීටර 225 ක වේගයෙන් හමායන බවයි වාර්තා වන්නේ.