තවදුරටත් ඡන්දය ගණන් කිරීම සිදුවන ප්‍රාන්ත හතරක කැපීපෙනෙන වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමෙන් අනතුරුව මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් නැවතත් සිය පාක්ෂිකයින් අමතනු ලැබුවා.
ඔහු ප්‍රකාශ කළේ ලැබී ඇති සංඛ්‍යාලේකන අනුව තමන්ට පැහැදිලි සහ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බවයි. එමෙන්ම ධවල මන්දිරයට පිවිසීම සදහා සූදානම් වීමට තමා උප ජනාධිපති අපේක්ෂක කමලා හැරිස්ගෙන් දැනටමත් විශේෂඥ අදහස් ලබාගනිමින් සිටින බවද ඔහු කියාසිටියා.
මෙම ප්‍රකාශය තම ජයග්‍රහණය නිවේදනය කිරීමේ ප්‍රකාශය ලෙස ඉදිරිපත් කිරීමටයි ජෝ බයිඩන් සැළසුම්කර තිබුණේ. එහෙත් නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන තෙක් කිසිදු අපේක්ෂකයෙකුගේ ජයග්‍රාහී ප්‍රකාශයක් විකාශය නොකිරීමට ඇමෙරිකානු මාධ්‍ය ආයතන අතර එකගතාවක් පැවතීම හේතුවෙන් එය කෙටි ප්‍රකාශයකට සීමා වුණා.