තිස්සමහාරාම යාල වන සංරක්ෂිත ප්ර දේශයේ දී විදුලි සැර වැදී වන අලියෙකු මියගොස් තිබෙනවා.
යාල වන සංරක්ෂිතයට අයත් සොබා සිත්ගම ගම්මානය ආසන්නයේදී මෙම සත්වයාට විදුලි සැර වැදී ඇති බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. එම ගම්මානයේ නිවැසියෙකු තම ඉඩම වටා සකසා තිබූ විදුලි වැට කඩා දැමීමට වන අලියා උත්සාහ දැරීමේදී මෙසේ විදුලිසැර වැදී තිබෙනවා. මිය ගිය සත්වයාගේ වයස අවුරුදු 32 ක් පමණ වන බවයි වනජීවී නිලධාරින් සදහන් කළේ.