fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩී ඒ රාජපක්ෂ මහතාගේ සහ දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සැමරීමට ජනපති හා අගමැති එක් වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2020 11:57

කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ දිවංගත ඩී ඒ රාජපක්ෂ මහතාගේ මෙන්ම දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සැමරීමට ජනපති හා අගමැතිත් එක්වුණා.

තම පියා වූ ඩී ඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. වීරකැටිය මැදමුලනේ පිහිටි ඩී ඒ රාජපක්ෂ මහතාගේ හා එම මහත්මියගේ ස්මාරක වෙත ගොස් මෙසේ පුෂ්පෝපහාර දැක්වූවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙන්ම රාජපක්ෂ පවුලේ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. දකුණෙන් බිහිවූ කෘතහස්ථ දේශපාලනඥයෙකු වන ඩී ඒ රාජපක්ෂ මහතා මෙරට සමාජ දේශපාලන වෙනස්කම් රැසකට මූලිකත්වය ගෙන ක්‍රියා කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2020 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්