fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ආසන්න වෙද්දී ප්‍රාන්ත ගණනාවක උණුසුම් තත්වයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2020 11:02

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ආසන්න වෙද්දී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කදවුරෙන් මැතිවරණ ක්‍රියාවලිය සහ ප්‍රතිඵලවලට එරෙහි විරෝධතා උත්සන්න කර තිබෙනවා.

ප්‍රාන්ත ගණනාවක මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතවාදී පිරිස් ඡන්ද මධ්‍යස්ථාන අසළට පැමිණ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන බවයි වාර්තා වන්නේ. මේ වන විට ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටින තීරණාත්මක ප්‍රාන්තයන් වන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රකාශ කළ දිනයට පසු ලැබී තිබෙන තැපැල් ඡන්ද වෙන් කොට තබන ලෙසට ද ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළා. ඊයේ දිනයේ දී ජෝ බයිඩ්න් ජෝර්ජියා ප්‍රාන්තයේ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය අභියසට පැමිණීමත් සමග උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2020 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්