ශ්‍රී‍්‍ර ලංකාවාසී සියලු ජනතාවට සහ ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධාන කරන විශ්ව ආශිර්වාද හෝරාව අද (07) පැවැත්වෙනවා.
ඒ පස්වරු 5 සිට 6.30 දක්වා. සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ආගමට අනුව ආශිර්වාද සිදුකිරීමයි අරමුණ. නවගමුව දේවාලයේදී සත්පත්තිනි මෑණියන්ට භාරවීම ද මෙහිදී සිදු කෙරෙනවා.
මෙය සජීවීව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
සෑම ආගමිකයකුටම මෙම වේලාව තුලදී සිය නිවසේ සිට ආශිර්වාද පූජාවට එක්විය හැකියි. බෞද්ධ හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික පුද පූජාවන් මේ අනුව සිදු කිරීමට නියමිතයි.