ලෝක වාසීන්ටම සුවය පතා රටම එකම පැතුමකට ගේන ITN විශ්ව ආශිර්වාද පූජාව හෙට
Related Articles
රටවැසියන්ට හා ලෝකවාසීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සංවිධාන කළ අයිටීඑන් විශ්ව ආශිර්වාද හෝරාව හෙට පැවැත්වෙනවා. ඔබට ද නිවසේ සිටම ඒ සදහා එක්විය හැකියි.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට මෙන්ම ලෝකවාසීන්ට සහනයක් ප්‍රාර්ථනා කරමින් මෙම විශ්ව ආශිර්වාද පූජාව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අයිටීඑන් මාධ්‍ය ජාලය සංවිධාන කරන මෙම පූජාවේදී සෑම ආගමිකයකුටම තමන්ගේ ආගමට අනුව ආශිර්වාද සිදු කළ හැකියි. හෙට පස්වරු 05 සිට 06.30 දක්වා මෙය සජීවීව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. නවගමුව දේවාලයේදී සත්පත්තිනි මෑණියන්ට භාරවීම මෙහිදී සිදු කෙරෙනවා. සෑම ආගමිකයකුටම මෙම වේලාව තුලදී සිය නිවසේ සිට ආශිර්වාද පූජාවට එක්විය හැකියි. බෞද්ධ හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික පුද පූජාවන් මේ අනුව සිදු කිරීමට නියමිතයි.
http://www.facebook.com/itnnews.lk/videos/651204942232952/