ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටුවන ප්‍රාදේශීය සභාවේ කටයුතු නිරීක්ෂණය කළා.
කටුවන ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩුපාඩු හේතුවෙන් සභාවේ දෛනික සේවා මිද්දෙණිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබුවා. ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් සභාව රැස්වීමේදී සහ සේවා සැපයීමේදී උද්ගතව ඇති ගැටලු අධීක්ෂණය කළ ජනාධිපතිතුමා නව ගොඩනැගිල්ලක් ඉදි කර දීමට එකගතාව පල කළා.
මිද්දෙණිය වැව අසල ඉදි කෙරුණු රණවිරු උයන ළමා ක්‍රීඩාංගනය සහ ශරීර සුවතා මංතීරුව ජනතා අයිතියට පත් කිරීම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුවුණා. පූජ්‍ය මුරුංගා ගස් වැවේ ඥාණිස්සර පදනමයි ඊට අනුග්‍රහය ලබාදී තිබුණේ.
මිද්දෙණිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවට සහ රෝහලේ වෛද්‍ය හිගයට කඩිනම් විසුදුම් ලබා දෙන ලෙසත් මිද්දෙණිය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙසත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබාදුන්නා.
අමාත්‍ය චමල් රාජපක්ෂ මිද්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීන් ගමාච්චි යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.