රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොරෝනා ආසාදිතයන් තිස් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර වෛද්‍යවරයෙකු ද වෛරසයට ගොදුරු වී ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා.
කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු ඒ අතර වන බව රෝහල් අධ්යක්ෂවරයා පවසයි.
එසේ වුව ද රෝහලේ රෝගී සත්කාර සේවා කිසිලෙසකින්වත් අඩාල වී නොමැති බවයි අධ්යක්ෂවරයා අවධාරණය කළේ.