රියඅනතුරකින් ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් තිබෙනවා.
දූෂන මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා රොහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ. ඊයේ (04) රාත්රි 11.45 ට පමණ අනතුර සිදුවුණා. නීතිවිරෝධීව ලොරි රථයකින් ගවයින් ප්රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව පොලිස් නිළධාරින් දෙදෙනා පෞද්ගලික මෝටර් රථයකින් ඔවුන් ලුහුබැඳ ගොස් ඇති බවයි මූලික පරික්ෂණවලදී හෙළි වුණේ.
වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරයේ ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවුණා. ගවයින් ප්රවාහනය කළ ලොරි රථය පළාගොස් ඇති අතර ඔවුන් සොයා පරික්ෂණ කි්රයාත්මක බවයි පොලිසිය පවසන්නේ.