වයිරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. කොවිඩ් මර්දනය සඳහා සැකසුණු සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය හඳුන්වාදීමේ අවස්ථාවේදීයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ.
කොවිඩ් ආසාදිතයන්ගේ සබඳතා සොයා ගැනීම හා වාහකයන්ගේ සංචරණය කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ප්‍රධාන අභියෝගයි. සුවෙන් සිටිමු – Stay Safe ඩිජිටල් ව්‍යාපෘතිය මෙම ගැටලු දෙකටම එකවර විසදුම් ලබාදෙනවා. කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබුවේ. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින්. StaySafe.gov.lk වෙත පිවිසීමෙන් සෑම ආයතනයකටම අනන්‍ය QR කේතය ගත හැකියි. ලබන සෙනසුරාදා සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ස්මාර්ට් ජංගම දුරකථනයකින් ඕනෑම ආයතනයක නම , ලිපිනය හිමිකරුගේ නම සහ දුරකතන අංකය වැනි තොරතුරු කීපයක් දීමෙන් QR කේතය ගත හැකියි. එම කේතය මුද්‍රණය කර ආයතනයේ දොරටුවේ ප්‍රදර්ශනය කිරීමට ද හැකි වනවා. ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති හෝ නැති සියලු දෙනා ලියාපදිංචි කර ඔවුන් යන එන ස්ථාන හඳුනාගැනීම සිදු කෙරෙනවා. ජනතාව වගකීමෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=c_8CHC3MtXs&feature=youtu.be&fbclid=IwAR3CFc5v3F5bHO1k3prvatMGvELeJjUYci-TQa7Z1QgvXqZwrnkN6hJbrUg”]