ස්වාධීන රූපවාහිනියේ විදුලි හා වායු සමීකරණ සහකාර ඉංජිනේරුවරයකු වූ සුමිත් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත වුණා.
1989 වසරේ පුහුණු කාර්මික නිලධාරියකු ලෙස ස්වාධීන රූපවාහිනියට එක්වූ ඒ මහතා කරගහතැන්න විකාශනාගාරයේ මෙන්ම ප්රධාන පාලක මැදිරියේද කලක් සේවය කළා. හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය සුමිත් ප්රනාන්දු මහතාගේ දේහය එගොඩඋයන පාර, මෝදර , මොරටුව යන ලිපිනයේ පිහිටි නිවසේ අද රාත්රියේ සිට තැන්පත් කර තැබීමට නියමිතයි. අවසන් කටයුතු හෙට පස්වරු 04.00 ට මෙරෙටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.