fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර අඩු ආදායම්ලාභීන්ට 5000 දීමනාව නැවතත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2020 18:06

නිරෝධායන ඇදිරිනීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව නැවත ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. නිරෝධායනයට යොමු කර ඇති පවුල් සදහා රුපියල් දස දහසක  සහන මල්ලක් ලබාදීම ද  අඛණ්ඩව සිදු කෙරෙනු ඇති.

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමි වූ, සහන ලැබිය යුතු බවට හදුනාගත් පවුල් සදහා රුපියල් 5000 ක දීමනාව ලබාදීමට රජය කටයුතු කර තිබෙනවා. දිවයින පුරා සෞඛ්‍ය බලධාරින්ගේ තීරණය මත නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති සියලු පවුල් වෙනුවෙන් රුපියල් දස දහසක සහන මල්ලක් ලබාදීම ද අඛණ්ඩව සිදු කෙරෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ග්‍රාමීය කමිටු හා ආරක්ෂක අංශ ඔස්සේ සම්බන්ධීකරණ සිදු කරමින් මෙම සහන ලබාදීම  ක්‍රියාත්මක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. බස්නාහිර පළාත තුළ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ ක්‍රමවේදයක්ද ඇදිරි නීතිය පවතින කාලසීමාව තුලදී හදුන්වාදීමට නියමිතයි. ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට  සිය කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවද රජය දැනුම් දෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2020 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්