fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝ‍ට්ටේ නගර සභා සීමාවේ ඇඳිරි නීතිය නොතකා පවත්වාගෙන ගිය වෙළඳසැල් රැසක් පරික්ෂාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2020 15:58

කොවිඩ් නයින්ටීන්  වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන ඇදිරි නීතිය නොතකා හරිමින් පවත්වාගෙන ගිය ශ්‍රී ජයවර්ධනපුර කෝ‍ට්ටේ මහනගර සභා සීමාවේ වෙළදසැල් රැසක් අද පරික්ෂාවට ලක් වුණා.

ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති අයි.ඒ.වී ප්‍රේමලාල් මහතාගේ උපදෙස් පරිදි මෙම පරික්ෂාව සිදු කෙරුණා. ඇදිරි නීතිය පවතින මොහොතේ අඛණ්ඩව රාජකාරීවල නිරත වී සිටින පෞද්ගලික ආරක්ෂක අංශවල සේවකයින් හා ඇගලුම් කර්මාන්තශාලා‍ වෙත ආහාර සපයන ස්ථාන කිහිපයක් අද පරික්ෂාවටලක් කෙරුණා. කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත නොකරමින් ආහාර පිසින ආකාරයයි  එහිදී දැක ගැනීමට ලැබුණේ. පරිභෝජනයට නුසුදුසු තත්ත්‍වයේ තිබූ එළවළු, බිත්තර,මස්, මාලු ඇතුළු ද්‍රව්‍ය විනාශ කිරීමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2020 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්