පිලිපීනයට බලපා ඇති ගෝනි සුළි කුණාටුව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
මෙම වසරේ ආසියා කලාපයට බලපාන දරුණුම සුළි කුණාටුව මෙය ලෙසයි සැලකෙන්නේ. පැයට කිලෝමීටර් දෙසීය විසි පහක පමණ වේගයෙන් සුළි කුණාටුව තම රටට ඇතුළු වූ බව පිලිපීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එහි වේගය පැයට කිලෝමීටර් තුන්සිය දහය දක්වා ඉහළ යා හැකි බවටද ඔවුන් අනතුරු අගවනවා. මේ වනවිටත් මිලියනයක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. කෙසේ වුවද මිලියන තිහක පමණ පිරිසකට ගෝනි සුළි කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.