තුර්කියට හා ග්‍රීසියට දැඩි හානි සිදු කරමින් ඇති වූ භූ කම්පනයෙන් පැය 33 කට පසු සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා.
භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. භූ කම්පනයේ ප්රබලත්වයත් සමග ගොඩනැගිලි කඩා වැටෙන ආකාරය කැමරා කාචවල මේ අයුරින් සටහන් වී තිබුණා. භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් ගොඩනැගිලි 20 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. සුන්බුන් අතර සිර වූ 70 කට අධික පිරිසක් බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. පසු කම්පන 196 ක්ද වාර්තා වී ඇති අතර ඉන් 23 ක ප්‍රබලත්වය රිච්ටර් පරිමාන ඒකක 04 ඉක්මවා තිබුණා. නිරතුරුවම භූ කම්පනවලට ලක්වන තුර්කියේ ඉස්මීර් නගරයේ 1999 වර්ෂයේදී සිදුවූ රිච්ටර් පරිමාණ ඒකක 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් දාහත් දහසකට අධික පිරිසක් මිය ගියා.