ස්වාධීන රූපවාහිනි මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ ස්වාධීන රූපවාහිනි කාර්ය මණ්ඩල වෙත ආරක්ෂිත ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කෙරුණා.
ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ආරක්ෂිත ඇදුම් කට්ටල තොගය පරිත්‍යාග කිරීමට පියවර ගැණුනා. ස්වාධීන රූපවාහිනි කාර්ය මණ්ඩලයට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා එම ආරක්ෂිත ඇදුම් කට්ටල තොගය ස්වාධීන රූපවාහිනි මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත භාරදීම සිදුවුණා. ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ මාධ්‍යවේදීන් වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුදර්මන් රදලියගොඩ මහතා වෙත ආරක්ෂිත ඇදුම් කට්ටල භාරදීම සිදුවූ අතර ආයතනයේ ආරක්ෂක අංශ වෙත එම ඇදුම් කට්ටල භාරදීම ද සභාපති සුදත් රෝහණ මහතා අතින් සිදුවුණා.
පසුගිය කොරෝනා සමයේ සිටම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සිය වැඩ කටයුතු ක්‍රියාත්මක කරනු ලැබුවේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුවයි. ඒ යටතේ සේවක සේවිකාවන් සීමා කිරීම ,ආයතන තුළදී රාජකාරීවල නිරත සියලු සේවකයින්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපාංග ලබාදීම සහ ආයතන පරිශ්‍රයට ඇතුළුවන සියලු සේවකයන්ගේ ශරීර උෂ්ණත්වය මැනීම , දෑත් සේදීම ඇතුළු නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කිරීම සිදු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Q5mbhxphCbs&feature=youtu.be&fbclid=IwAR3SFveE9v6iIgCld-fnmBNWzojG8yocok5ccWMmTINiBjAYtr3dnPv9WwA”]