ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට රෝගී තත්ත්වයන් පවතින විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි.
රෝගි අවස්ථාවක ප්‍රතිකාර ගැනීම වහාම සිදුවිය යුතු අතර, කිසිදු කරුණක් නිසා ප්‍රමාද නොකළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
ඒ සඳහා ගර්භණී සටහන්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කරමින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත විය හැකි බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.