පුත්තලම කරුවලගස්වැව රජවිගම ගලපිටගම විහාරස්ථානයේ බෝධි පූජාවකට සහභාගී වී සිටි සිව් හැවිරිදි දරුවකු ඇතෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වුණ.
එම දරුවා මව සමඟ බෝධි පූජාවට එක්ව සිටියදී එම ස්ථානයට කඩා වැදුනු ඇතා මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
බරපතල තුවාල ලැබූ සිව් හැවිරිදි දරුවා ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.