fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වප් පුර පසළොස්වක පොහොය අදයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2020 09:29

පෙරවස් එළඹුණු භික්‍ෂූන් වහන්සේ කුසල්දම්පුරා තෙමසකින් වස් පවාරණය කරන වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

තව්තිසා දෙව්ලොව වස් විසූ මාතෘ දිව්‍යරාජයාට ධර්මය දේශනා කර රන් ඉණිමඟක් මතින් පෙළහර පා දඹදිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ ද බුද්ධත්වයෙන් සත්වසක් ගෙවුණු අද වැනි පුරපසලොස්වක පොහොය දිනකයි.

සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතුරින් අග තනතුරට පත්වූයේ ද වප් පොහොය දිනයේ බව ශාසන ඉතිහාසයේ සඳහන්. චීවර මාසය එළඹෙන්නේ ද වප් පුර පොහොය දිනයෙනුයි.

මිහිදු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදී මහා අරිට්ට මහ රහතන් වහන්සේ ථුපාරාමයේ දී විනය ත්‍රිපිටකය සඡ්ඣායනා කිරීම අද වැනි වප් පුර පසලොස්වක පොහොය දිනයක සිදුකළ බව පැවසෙනවා.

සෑම පුන් පොහෝ දිනකම ITN රූපවාහිනිය ගෙන එන සවණක් රැස් වැඩසටහන මෙවර ගෙන ඒමට කටයුතු සංවිධාන කෙරුණේ සෞඛාරක්ෂිත ක්‍රමවේද හා නිරෝධායන නීතිවලට අනුකූල වන අයුරින්. ඒ අනුව ITN HD මැදිරි සංකීර්ණයේ සිට සවණක් රැස් වැඩසටහන ගෙන ඒමට පියවර ගැනුණා. මෙවර ධර්මදේශනාව පැවැත්වුයේ පූජ්‍ය දියතලාවේ පියදස්සී ස්වාමීන් වහන්සේයි.

ලක්හඩ ශාසනාලෝක වැඩසටහන ද මීට සමගාමීව පැවැත්වුණා. ධර්ම ග්‍රන්ථ කට්ටල සාමනේර ස්වාමීන් වහන්සේ වෙත පූජා කිරීම සිදුවු අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ , ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2020 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්