fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය – පළාතට ඇතුළු වීම සහ පිටවීම තහනම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2020 09:16

ඊයේ (29) මධ්‍යම රාති‍්‍රයේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා.

බස්නාහිර පළාතේ සීමාවල විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසන්නේ.

බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට පෙර ඇදිරිනීතිය පනවා තිබූ පොලිස් බල ප්‍රදේශවල  ඇදිරිනීතිය සදුදා අලුයම 5 ට ඉවත් වන්නේ නැහැ.

බස්නාහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රිකක්යේ පොලිස් බල ප්‍රදේශ වන කුලියාපිටිය,  දුම්මලසූරිය,   පන්නල,  ගිරිඋල්ල,  නාරම්මලට  නිරෝධායන ඇදිරිනීතිය බලපැවැත්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2020 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්