විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ සමගි ජන බලවේගයෙන් නෙරපීමට තීරණය කර ඇති මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සදහා ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙසයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 9 දෙනෙකුයි මෙලෙස සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කර ඇත්තේ. ඩයනා ගමගේ, ඒ අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම් , එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, නසීර් අහමඩ්, ඒ ඒ එස් එම් රහීම් හා එස් එම් එම් මුසාරෆ් එම මන්ත්‍රීවරුන් නව දෙනායි.

20ට මනාප වුණු විපක්ෂයේ 09 දෙනා අපිට එපා – මන්ත්‍රී කිරිඇල්ල කතානායකට ලියයි
කියවීමට මිනිත්තු 1