කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ආරක්ෂා වීම සදහා ජනතාව දැනුවත් කිරීමට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කොට ඇති මීටරෙන් ජීවිතේ වැඩසටහන දිවයිනේ ස්ථාන රැසකදී අද ක්‍රියාත්මක වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍යාධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය, ඉටුකම අරමුදල හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්වයි එය සංවිධාන කරන්නේ.
බස් රථ තුළ සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමේ උපදෙස් ඇතුලත් ස්ටිකර් ඇලවීමට මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරුණා. කොරෝනා වයිරසය සමග නව ජීවන රටාවක් සදහා ජනතාව හුරු කරවීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා. මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය බස්නැවතුම්පොල හා පොදු ස්ථානවල උපදෙස් ඇතුලත් ස්ටිකර් ඇලවීම දැක ගන්නට ලැබුණා. කඹුරුපිටිය පොලිසිය, ප්‍රාදේශීය සභාව හා ප්‍රා දේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සදහා එක් වුණා.
ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොලේද මීටරෙන් ජීවිතේ ස්ටිකර් ඇලවීම සිදු කෙරුණා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුණේ.
හෝමාගම බස් නැවතුම්පොළ භූමියේ දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීම සිදුවූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන කිහිපයක දායකත්වය මේ සදහා හිමිවුණා.
මොරටුව බස් නැවතුම්පොළ හා දුම්රිය ස්ථානයේ ස්ටිකර් ඇලවීමද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික තරුණ සේවා සභාව ද ඒ සදහා දායකත්වය දක්වා තිබුණා.