කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා යුරෝපා කලාපයේ රටවල් කාලෝචිත හා දැඩි තීරණ ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.
එම රටවල් දැනට සිදු කරන ක්‍රියාදාම වේගවත් කළ යුතු බවයි එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙන්නේ. වෛරසය ආසාදනය වූවන්ගේ සමීපතමයන් නිරෝධායනයට ලක් නොකිරීම බරපතල ගැටලුවක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවේ පවසා සිටියා. ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල වෛරසය නැවත වරක් ශීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවයි ඔහු තවදුරටත් පවසන්නේ. කෙසේ වුව ද යුරෝපා කලාපයේ සෞඛ්‍ය අංශවල කැපවීම හේතුවෙන් මරණ අනුපාතය බොහෝ අඩු අගයක් ගෙන තිබෙනවා.