පුත්තලම ප්‍රදේශයේ ඇති අලිමිනිස් ගැටුමට විසදුම් ලබාදමින් පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ ඉදිකළ අලිවැට ගොවි ජනතාව වෙත පවරාදීම සිදු කෙරුණා. අදට යෙදී ඇති නව නිපැයුම්කරුවන් දිනය වෙනුවෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ.
වන සතුන් හා මිනිසුන් අතර ඇති ගැටුම්වලින් සත්ව මෙන්ම මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සදහා නව නිපැයුම් තුළින් විසදුම් සෙවීම සදහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, නව නිපැයුම්කරුවන්ෙග් සහ වනජීවී අමාත්‍යාංශය එක්ව විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ යටෙත් පුත්තලම නීල බැම්ම ප්‍රදේශයේ ඉදිකළ අලිවැට 02 ක් ජනතාවට පවරාදීම සිදු කෙරුණේ ව්‍යාපෘතියට සම්බන් ද වූ සියලු දෙනාගේ සහභාගීත්වයෙන්. එහිදී නීලබැම්ම ගම්මානය ජනතාව ප්‍රයෝජනයට ගත් මහා ඔට්ටපල්ලම වැව වන සතුන්ගේ පරිහරණය සදහා ලබාදීමට ජනතාව කැමැත්ත පල කළා. ඒ අනුව වැව්පිටිය මායිමේ අලිවැට ඉදිකර ඇති අතර එහි මී කුඹුක් සහ කරද පැල සියයක් රෝපණය කිරීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනියේ ඉල්ලීමට අනුව ඒම පැල ලබාදීම සිදු කළේ සහන පදනමේ සභාපති මහේෂ් සෙනෙවිරත්න මහතායි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සැකසුණු විශේෂ මගේ රට වැඩසටහන අද පස්වරු 3.15ට විකාශය කිරීමට නියමිතයි.